දයාසිරි නිදහස් පක්ෂයට. දයාසිරිගේ වගකීම් නලීන්ට.

Thursday, 25 July 2013 - 7:59

%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7.+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7.

පාර්ල පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී ආණ්ඩු පක්ෂයට එක්වූ දයාසිරි ජයසේකර අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. මෙම සාකච්ඡාවලින් පසුව ජනාධිපතිවරයා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයද ලබාගැනීමට දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීවරයා කටයුතු කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ. මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටි අතර අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පේරුම, සුසිල් ප්‍රේමජයන්ත සහ ජෝන් සෙනෙවිරත්න ද සහභාගි වුණා.

එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන බව සඳහන් කළේ. එහිදි ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රිය නායකයන්, පක්ෂ නායකත්වය විසින් ක්‍රමක්‍රමයෙන් ඉවත් කළ බවයි.

මේ අතර දයාසිරි ජයසේකර මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා වයඹ පළාත් සභා මන්ත්‍රී නලින් බණ්ඩාර පත්කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ. ඔහු කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ ඊළඟට මනාප ලබාගත් පුද්ගලයාද වනවා. ඔහු පසුගිය 2010 මහ මැතිවරණයේදී මනාප ඡන්ද 29 000 කට ආසන්න සංඛ්‍යාවක් ලබාගනු ලැබුවා. නලින් බණ්ඩාර පළාත් මන්ත්‍රීවරයා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. එහිදී ප්‍රකාශ වී ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට නියමිත බවයි.  

කෙසේ වෙතත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණය මෙහෙයවීමේ කටයුතු මෙම සාකච්ඡාවේදී තමන් වෙත පැවරූ බවයි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ.

[MP3]s63690_1[/MP3]

මේ අතර දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ආණ්ඩුවට එක්වීමත් සමග කුරුණෑගල - පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 6 දෙනෙකු ද ඊයේ ආණ්ඩුවට එක්වුණා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පඬුවස්නුවරදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමටද ඔවුන් මේ වනවිට තීරණය කර තිබෙනවා.
 
මේ අතර වයඹ පළාත නියෝජනය කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකු වන මොහොමඞ් අබ්දීන් යහයියා එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ඊයේ එක්වුනා. මුස්ලිම් කොංග්‍රසය පළාත් සභාව සඳහා තනිව තරඟ කිරීමට ගත් තීරණය විවේචනය කරමිනුයි ඔහු මෙලෙස සන්ධානයට එක්වීමට තීරණය කර ඇත්තේ.

[MP3]s63690_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories