දයාසිරිට ඇල්ලූ යට ඇඳුම් ඔට්ටුව පැරදී පුද්ගලයෙකු පොලිස් භාරයේ.

Thursday, 25 July 2013 - 12:35

%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%A7+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96++%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවට ඇල්ලූ ඔට්ටුව පැරදී යට ඇඳුමින් අද (25) පෙරවරුවේ දැරණියගල නගරයේ ඇවිදීමට සූදානම් වූ පුද්ගලයෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙලෙස ඔට්ටුව අල්ලා ඇත්තේ දැරණියගල - ඉලූක්තැන්න ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ශාන්ත තිලකරත්න නොහොත් ‘‘යෝගට් ශාන්ත’’ නැමැත්තෙක්. දයාසිරි ජයසේකර එක්සත් ජාතික පක්ෂය හැරගියහොත් තමන් දැරණියගල නගරයේ පිහිටි බස් නැවතුම්පළේ සිට ඊට ආසන්නයේ ඇති තුන්මංහන්දිය දක්වා යට ඇඳුමින් ඇවිදින බවට මොහු අසල්වාසියෙකු සමඟ ඔට්ටුව අල්ලා තිබෙනවා.

 

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඊයේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමෙන් පසුව අදාළ පොරොන්දුව ඉටු කරන ලෙස අසල්වාසියා මොහුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔට්ටුව පැරදුණු පුද්ගලයා නීතීඥයෙකුගේ උපදෙස් මත අද මෙම ඔට්ටුව ක්‍රියාත්මක කිරීමටයි සූදානම්ව ඇත්තේ.

 

 ඒ අනුව යට ඇඳුමින් ඇවිද ඔට්ටුව ක්‍රියාත්මක කිරීමට අද පෙරවරුවේ දැරණියගල බස් නැවතුම්පළ ඉදිරිපිටට පැමිණි අවස්ථාවේ දැරණියගල පොලීසියේ නිලධාරින් විසින් මෙම පුද්ගලයා පොලීසියට රැගෙන ගොස් තිබෙනවා. පසුව ඔහුගෙන් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගත් බව දැරණියගල පොලීසියේ ප්‍රකාශකයෙකු කියා සිටියා. විරෝධතාවයේ නිරතවීමට සූදානම් වූ ශාන්ත තිලකරත්න නොහොත් ‘‘යෝගට් ශාන්ත’’ හිරු ප්‍රවෘත්ති අංශය වෙත මෙලෙස කරුණු පැහැදිළි කළා.

 

[MP3]s63715_1[/MP3]                              

 

 

එක්සත් ජාතික පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීද දයාසිරි ජයසේකර හිටපු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීම පිළිබඳව අදහස් පළවුණා. ඊට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග කියා සිටියේ මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කර තිබුණේ මීට වසර කිහිපයකට පෙර බවයි.

 

[MP3]s63715_2[/MP3]               



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories