ඩෙංගු මදුරුවාට සමාන තවත් මදුරුවෙක්.

Thursday, 25 July 2013 - 18:54

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ඩෙංගු මදුරුවාට සමාන නව මදුරු විශේෂයක් හඳුනාගෙන තිබෙනවා. මෙම මදුරු විශේෂය මිනිස් රුධිරය උරා බොන බවට මෙතෙක් වාර්තා වී නොමැති බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක කියා සිටියේ. දැනට ශ්‍රී ලංකාවෙන් මදුරු කාණ්ඩ 16 ක් වාර්තා වන අතර, මෙම විශේෂය 17 වන කාණ්ඩයයි. මෙවැනි නව මදුරු විශේෂයක් මෙරටින් සොයාගෙන ඇත්තේ වසර 124 කට පසුව වීමද විශේෂත්වයක්.

කළුතර ප්‍රදේශයෙන් වාර්තා වූ නව මදුරු විශේෂයේ ඩෙංගු මදුරුවාගේ මෙන් හිස කොටසේ සුදු පැහැති රේඛාවක් දක්නට ලැබෙනවා. ආහාර භක්ෂණය පහසු කිරීම සඳහා වෙනත් මදුරුවන්ට නැති මුඛ නාළිකා දෙකක් මෙම මදුරුවාගේ හිස දෙපස දක්නට ලැබෙන බවයි පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ. කෙසේ වෙතත්, ඩෙංගු මදුරුවන් ජීවත්වන පරිසරයේම මෙම නව මදුරු විශේෂය ද සොයා ගැනීම මොවුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවීමට හේතු වී තිබෙනවා. සොයාගත් නව මදුරු විශේෂය සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරන වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක.
 
[MP3]s63735[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories