වයඹට සන්ධානයෙන් මහ ඇමති අපේක්ෂකයෙක් නැහැලූ.

Thursday, 25 July 2013 - 19:00

%E0%B7%80%E0%B6%BA%E0%B6%B9%E0%B6%A7+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%96.

වයඹ පළාත් සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ ඇමති අපේක්ෂකයෙකු මෙතෙක් නම් කර නොමැති බව එම පළාත් සභාවේ හිටපු මහ ඇමති අතුල විජේසිංහ ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය අද (25* සිය ප්‍රතිචාරය දක්වා සිටියා. ඒ, කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින්. ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමට හේතු පැහැදිලි කළා. මේ, එම මාධ්‍ය හමුවේදී ඔහු පළ කළ අදහස් සහ එක්සත් ජාතික පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග දැක්වු අදහස්.

[MP3]s63739_1[/MP3]       

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය සමග දුරකතන සංවාදයකට එක්වෙමින් වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී මැතිවරණයට තරග කිරීම පිළිබඳව අදහස් පළ කළා. මේ, ඔහු සහ හිරු ප්‍රවෘත්ති අංශය අතර ඇතිවු දුරකතන සංවාදයයි.

[MP3]s63739_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories