මහනුවර හෙද - වෙද අවුල උග්‍ර අතට.

Friday, 26 July 2013 - 18:44

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%84%E0%B7%99%E0%B6%AF+-+%E0%B7%80%E0%B7%99%E0%B6%AF+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD+%E0%B6%8B%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7.

කාමරයක් නිසා මහනුවර මහ රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය අතර ඇතිවුණු විරසකය තවමත් අවසන් වී නැහැ. මේ හේතුවෙන් රෝගීන් අද (26) දිනයේදීත් දැඩි දුෂ්කරතාවයකට පත්වුණේ මහනුවර මහ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ක්‍රියාත්මක කරන සංකේත වර්ජනය හේතුවෙන්.

මහනුවර මහ රෝහලේ ප්‍රධාන ශල්‍යාගාරයේ කාමරයක් සම්බන්ධව මෙම ගැටළුව ඇතිවුණේ මීට දින ගණනාවකට පෙරයි. කෙසේ වෙතත්, ශල්‍යාගාරය ආසන්නයේ නිර්වින්දන වෛද්‍යවරුන්ට විවේක කාමරයක් ඇති කිරීම එහි පිරිසිදුභාවයට හානි කර බව පවසමින් හෙද හෙදියන් දැක්වු විරෝධය එහි ආරම්භය වුණා. කෙසේ වෙතත්, පසුගිය සෙනසුරාදා නිර්වින්දන වෛද්‍යවරයෙකු කාමරය තුළ රැඳී සිටියදී හෙද කාර්ය මණ්ඩලය එහි දොර වසා වෛද්‍යවරයා සිරකළ බව පවසමින් මහනුවර රෝහලේ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටියා. ඊට නිසි විසඳුම් නොලැබුණු බව පවසමිනුයි ඔවුන් ඊයේ (25) දිනයේ සංකේත වර්ජනයක් ආරම්භ කළේ. එය හෙට දිනය දක්වා ක්‍රියාත්මක කරන බව මහනුවර මහ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය ලලිත් ගමගේ ප්‍රකාශ කළා.

[MP3]s63813_1[/MP3]                                                                                     

කෙසේ වෙතත්, හෙද හෙදියන් පවසන්නේ මෙම ගැටළුව වෘත්තීන් අතර අර්බුදයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය නොවන බවයි. ඒ පිළිබදව අදහස් දක්වන සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත.

[MP3]s63813_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories