ආනයනික සීනිවල බැර ලෝහ නැහැ.

Saturday, 27 July 2013 - 7:36

%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB+%E0%B6%BD%E0%B7%9D%E0%B7%84+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

මෙරට ආනයනික සීනිවල කිසිඳු බැර ලෝහයක් අන්තර්ගත නොවන බවට රසායනාගාර පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ආනයනික සීනිවල කැඞ්මියම් සහ ආසනික් අඩංගු බවට පසුගිය කාලසීමාව තුළ විවිධ පාර්ශව අදහස් පළ කළා.

ආනයනික සීනිවල කැඞ්මියම් සහ ආසනික් අඩංගු බවට මුලින්ම අනාවරණ කළේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින්. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේ අමාත්‍යාංශයේ විශේෂඥයන් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණවලදී මෙම කරුණු අනාවරණය වී ඇති බවයි. ඉන් අනතුරුව තමන් සිදුකළ පර්යේෂණ අනුවත් ආනයනික සීනිවල ආසනික් අඩංගු බවට අනාවරණ වූ බව  රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ද ප්‍රකාශ කළා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර හා පාරිසරික සෞඛ්‍ය ඒකකය විශේෂ රසායනාගාර පරීක්ෂණයක් ආරම්භ කළා. එම පරීක්ෂණවලදී ආනයනික සීනි තොග සාම්පල් විශේෂ රසායනාගාර පරීක්ෂණයන්ට ලක් කෙරුණු අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ආනයනික සීනිවල කිසිඳු බැර ලෝහයක් අන්තර්ගත නොවන බවයි. ඒ පිළිබඳ තවදුටත් කරුණු පැහැදිලි කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර හා පාරිසරික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද ජයලාල්.

[MP3]s63837[/MP3]                                                                   

වසරක් තුළ මෙරටට සුදු සීනි මෙටි‍්‍රක් ටොන් පන් ලක්ෂ පනස් දහසක් සිංගප්පූරුවෙන්, බ්‍රසීලයෙන් සහ මධ්‍යම ඇමෙරිකානු රටවලින් ආනයනය කරනු ලබනවා. මෙරට දෛනික සීනි පරිභෝජනය ටොන් 1600 ක් පමණ වන අතර, ඉන් සියයට 91 ක්ම ආනයනික සුදු සීනි බවයි වාර්තා වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories