පාකිස්තානයේ බෝම්බ පිපිරීම් දෙකකින් 41ක් මිය යයි.

Saturday, 27 July 2013 - 7:57

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+41%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

පාකිස්තානයේ ඇෆ්ගන් දේශසීමා ප්‍රදේශයේ නාගරික වෙළඳපොළක ඊයේ (26) පිපිරී ගිය බෝම්බ දෙකකින් පුද්ගලයන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 100කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. ඇෆ්ගන් දේශසීමා ආසන්නයේ කුරාම් ගෝත්‍රික ප්‍රදේශයේ ප්‍රධාන නගරය වන පරචිනාර් හි වෙළදපොළ පරිශ්‍රයේ මෙම බෝම්බ පිපිරීම් දෙක සිදුවුණා.

රාමසාන් උපවාසයෙන් මිදීම සඳහා ආහාර මිලදී ගැනීමට සන්ධ්‍යාවේ එහි පැමිණි ජනතාව මෙම බෝම්බ ප්‍රහාරවලට ගොදුරු වී තිබෙනවා. රෝහල්ගත කළ පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ඇදන් ප්‍රමාණවත් නොවූ හෙයින් ඇතැමුන් ප්‍රාදේශීය රෝහලේ බිම සහ ආලින්දයේ රඳවා සිටි බවයි වෛද්‍යවරයෙකු පවසා ඇත්තේ.

පළමු බෝම්බය යතුරුපැදියක රඳවා තිබූ බව සඳහන්.  දෙවැන්න පිපිරී යාමට පෙර යෞවනයෙකු ‘‘දෙවියන් ශ්‍රේෂ්ඨයි’’ යනුවෙන් හඬ නැගූ බව ඇසින් දුටුවෙකු ප්‍රකාශ කළා. ඒ අනුව එය මරාගෙන මැරෙන බෝම්බයක් බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඊයේ (26) බෝම්බ ප්‍රහාර සිදුවූ පරචිනාර්, ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන නගරයක්. පාකිස්තානයේ බහුතරයක් සුන්නි මුස්ලිම්වරුන් අතර ෂියා ජන කොටස නිරන්තයෙන් අන්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක්වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories