මරණ දඬුවමට සහන කමිටුවක්.

Saturday, 27 July 2013 - 19:05

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

මරණීය දණ්ඩනයට ලක්වූ සහ ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වී ඇති රැඳවියන්ට සහනයක් ලබාදීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කිරීම කෙරෙහි අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. මරණීය දණ්ඩනයට ලක් වූ සිරකරුවන් 350 කට අධික පිරිසක් මේ වනවිට මෙරට බන්ධනාගාර තුළ රඳවා සිටිනවා. බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් මේ පිළිබඳ වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශය වෙත ලබාදීමෙන් අනතුරුවයි මෙම කමිටුව පත්කිරීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුව තිබෙන්නේ. බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අධිකරණ අමාත්‍යාංශයෙන් සකස් කරන අවසන් වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිත බවයි. ඒ අනුව, මරණ දණ්ඩනය නියම වූ රැඳවියන්ට යම් සහනයක් සැලසීමට හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
 
[MP3]s63885[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories