තමිල්නාඩු ධීවරයන් ලබන සතියේ දිවයිනට.

Sunday, 28 July 2013 - 7:53

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.

සාමාජිකයන් 19 දෙනෙකුගෙන් සමන්විත තමිල්නාඩු ධීවරයන් පිරිසක් ඉදිරි සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඉන්දීය වාර්තා සඳහන් කළා. ඒ, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරයේ ප්‍රතිඵලයක් වශයෙන්. දෙරට අතර පවතින ධීවර ගැටළු විසඳා ගැනීම සඳහා විවෘත සාකච්ජාවකට පැමිණෙන ලෙස අමාත්‍යවරයා එහිදී තමිල්නාඩු ධීවරයන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව දිවයිනට පැමිණෙන මෙම තමිල්නාඩු ධීවරයන් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ධීවරයන් සහ බලධාරීන් සමග සාකච්ජා කිරීමට නියමිතයි. ඔවුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්ද හමුවන බව ඉන්දීය වාර්තා අද ප්‍රකාශ කළා. මීට අමතරව මන්නාරම, යාපනය, මුලතිව්, කිලිනොච්චි ඇතුළු උතුරේ ධීවරයන් සමගද තමිල්නාඩු ධීවරයන් සාකච්ජා පැවැත්වීමට නියමිතයි.

මේ අතර, උතුරේ ධීවරයන් පවසන්නේ ඉන්දු - ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීම සම්බන්ධයෙන් ඇති කරගනු ලබන එකඟතාවයකට තමන්ද දායක විය යුතු බවයි. එය ඉන්දියාව විසින් සකස් කරනු ලබන ඔවුන්ට වාසි සහගත කොන්දේසි සහිත ගිවිසුමක් නොවිය යුතු බවද ජාතික ධීවර සහයෝගීතාව අවධාරණය කළා. ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කිරීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බවයි උතුරේ ධීවරයන් පෙන්වා දෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories