ලිබියාවේ සිරකරුවන් 1200 ක් පැන යයි.

Sunday, 28 July 2013 - 8:15

%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+1200+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ලිබියාවේ - බෙංගාසී නුවර බන්ධනාගාරයෙන් රැඳවියන් 1200 කට වැඩි පිරිසක් ඊයේ (27) පළාගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ඔවුන් අතරින් වැඩි දෙනෙක් බරපතල චෝදනා මත රඳවා සිටි අයයි. ඇතමුන් හිටපු ජනාධිපති කර්නල් ගඩාෆිගේ ආධාරකරුවන්. බෙංගාසී නුවර අල් කවෆියා බන්ධනාගාරයේ ගැටුම් පැවති බවද තවත් වාර්තාවක සඳහන්.

සිරකරුවන් මෙලෙස බන්ධනාගාරය බිඳ පළා ගියේ ප්‍රකට දේශපාලන ක්‍රියාකාරිකයෙකු බෙංගාසී නුවරදී ඝාතනයට ලක්වී දිනකට පසුවයි. ගඩාෆිගේ පාලනය බිඳ දැමීමට ක්‍රියාත්මක වූ උද්ඝෝෂණවල කේන්ද්‍රස්ථානය වූ බෙංගාසී, තවමත් ලිබියාවේ අස්ථාවරම නගරයක්. පසුගිය වසරේ මෙහිදී ලිබියාවේ ඇමරිකානු තානාපතිවරයා ඇතුළු ඇමරිකානුවන් සිව් දෙනෙකු ඝාතනයට ලක්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories