ජපාන අභ්‍යන්තර කටයුතු ඇමති අද දිවයිනට.

Sunday, 28 July 2013 - 12:48

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.

ජපානයේ අභ්‍යන්තර සහ සන්නිවේදන කටයුතු පිළිබඳ අමාත්‍ය යොෂිටකා ෂින්ඩෝ නිල චාරිකාවක් සඳහා අද (28) දිවයිනට පැමිණෙනවා. ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ශ්‍රී ලංකා ජපාන මිතුරු සබඳතා තවදුරටත් ශක්තිමත් කරලීම පිලිබඳ සාකච්ඡා පවත්වනු ඇති. කොළඹ ජපාන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය ජපන් චාරිකාවේ පසු විපරමක් ලෙස  ජපාන අමාත්‍යවරයා මෙරට චාරිකා කරන බවයි. ජපාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ටාරෝ අසෝ පසුගිය මැයි මාසයේදී මෙරට සංචාරයක නිරත වුණා. ජපාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මුණ ගැසෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories