සන්ධානයේ දෙපිරිසක් නාවුලදී ගැටේ.

Monday, 29 July 2013 - 7:55

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A.

නාවුල නගරයේදී ඊයේ (28) රාත්‍රියේ මෙවර මධ්‍යම පළාත් සභා මැතිවරණයට තරගවදින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින් දෙදෙනෙකු අතර ගැටුමක් ඇති වී තිබෙනවා. එම ගැටුමෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ වාහනයකට හානි සිදුවී ඇති බව නාවුල පොලිසිය සඳහන් කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී නාවුල පොලිසි කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශව දෙකකින් පැමිණිලි ලැබී ඇති බවයි. තමන් සාකච්ඡාවකට සහභාගි වී ආපසු යාමට සූදානම් වද්දී, සන්ධාන අපේක්ෂක නාවුල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති තිලක් බණ්ඩාර පැමිණ තමන්ට තර්ජනය කළ බවයි හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

 
[MP3]s63956[/MP3]
 
හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ඉඩම් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ පුත්‍රයා ද වනවා. චෝදනාව එල්ල කරන නාවුල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති තිලක් බණ්ඩාරගෙන් මේ පිළිබඳ විමසීමට හිරු ප්‍රවෘත්ති අංශය අවස්ථා කිහිපයකදීම උත්සාහ කළා. එහෙත් එය ව්‍යර්ථ වූයේ හිටපු සභාපතිවරයා දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories