පිරිවෙන් මධ්‍යවාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රවලත් දෝෂ.

Monday, 29 July 2013 - 12:36

%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82.

මෙවර පිරිවෙන් මධ්‍යවාර පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රවල බුදුදහම විකෘති වන අන්දමේ ප්‍රශ්න පැවතීම නිසා, ඊට මුහුණදුන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා දැඩි අපහසුතාවයකට පත්වූ බව ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත එම සංගමය ලිපියක් ද යොමුකර තිබෙනවා. පසුගිය ජූලි මස 24 වැනිදා පැවති පාලි විෂයට අදාල සියලූ ශ්‍රේණි සඳහා නිකුත් කර තිබූ ප්‍රශ්න පත්‍රවල දෝෂ රැසක් පැවති බව එමගින් දක්වා තිබෙනවා. ජූලි 23 වැනිදා පැවති ත්‍රිපිටක ධර්ම ප්‍රශ්න පත්‍ර ද ලබාදී ඇත්තේ දෝෂ රැසක් සහිතවයි. මේ නිසා බුදු දහමට මෙන්ම, එම ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයූ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අපහසුතාවයන්ට රැසකට ලක්වූ බව ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමයේ සභාපති පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් කියා සිටියා.

[MP3]s63981_1[/MP3]                                 

මෙම ප්‍රශ්න පත්‍ර සකස් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව මගින්. අප මේ සම්බන්ධයෙන් වැඩබලන පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන්ගෙන් විමසීමක් කළා. උන්වහන්සේ කියා සිටියේ අදාළ ප්‍රශ්න පත්‍රවල එවැනි දෝෂ පැවති බවට තමන්ට ද කරුණු වාර්තා වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන් සඳහන් කළේ.
 
[MP3]s63981_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories