දෙමළ සන්ධානය උතුරට නම් දෙයි.

Monday, 29 July 2013 - 19:00

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා කාලසීමාව අවසන්වීමට ඇත්තේ තවත් දින 3ක් පමණයි. ප්‍රධාන දේශපාලන පක්ෂ අද (29) සිට නාම යෝජනා දීම ආරම්භ කළ අතර, ඒ යටතේ දෙමළ ජාතික සන්ධානය උතුරු පළාතේ යාපනය, කිලිනොච්චි, මන්නාරම, වව්නියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්ක 5ටම අද (29) නාම යෝජනා භාර දී තිබෙනවා. උතුරු පළාත් සභා ඡන්ද විමසීමට අදාළව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (29) නාම යෝජනා භාර දෙනු ලැබුවේ දෙමළ ජාතික සන්ධාන මහ ඇමති අපේක්ෂක හිටපු විනිසුරු සී.වී. විග්නේෂ්වරන් විසින්. නාම යෝජනා භාර දීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු විනිසුරු සී.වී. විග්නේෂ්වරන්.

[MP3]s64013_1[/MP3]                                                                    

එක්සත් ජාතික පක්ෂය පළාත් සභා ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා පත්‍රවලට අත්සන් තැබීම අද (29) අවසන් කළා. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ හෙට (30), අනිද්දා (31) සහ අගෝස්තු මස 01 වන දා යන දිනවලදී පළාත් 3ට නාම යෝජනා භාර දීම සිදුකරන බවයි.

[MP3]s64013_2[/MP3]                                                                   

ජනතා විමුක්ති පෙරමුණ හෙට (30) දිනයේ නාම යෝජනා අත්සන් කිරීමේ කටයුතු අවසන් කරමින් සිටින බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. ඔහු කියා සිටියේ 31 සහ 01 වන දා යන දිනවල පළාත් 3ටම නාම යෝජනා භාර දීමේ කටයුතු සිදුකරන බවයි.

[MP3]s64013_3[/MP3]                                                                   

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා අත්සන් කිරීමේ කටයුතු අද (29) දිනයේත් සිදුකෙරුණා. නාම යෝජනා භාර දීමේ කටයුතු අනිද්දා (31) සිදුකරන බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ.

මේ අතර, ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාර ගැනීම ආරම්භ කෙරුණු පසුගිය 25 වන දා සිට මේ දක්වා ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් සහ ස්වාධීන කණ්ඩායම් 2ක් නාම යෝජනා භාර දී තිබෙනවා. ජනසෙත පෙරමුණ අද (29) දිනයේ පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට නාම යෝජනා භාර දුන් අතර, මීට පෙර යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්කවලට නාම යෝජනා භාර දී තිබුණා. ඊට අමතරව එක්සත් ලංකා මහසභාව, උතුරු පළාත් සභා මැතිවරණය සඳහා අද (29) මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නාම යෝජනා භාර දී ඇති බවයි මැතිවරණ මහලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. එමෙන්ම ස්වාධීන කණ්ඩායම් දෙකක් මාතලේ සහ වව්නියාව දිස්ත්‍රික්ක සඳහා නාම යෝජනා භාර දී තිබෙනවා.
 
මේ අතර, ස්වාධීන කණ්ඩායම් 29ක් පළාත් සභා ඡන්ද විමසීම සඳහා මේ වන විට ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ. උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීමට අදාළව ස්වාධීන කණ්ඩායම්වලට ඇප තැන්පත් කිරීමට ලබාදුන් කාලය මේ මස 31 වන දා මධ්‍යහ්න 12න් අවසන් වනවා. නාම යෝජනා භාර ගැනීම අවසන් වන්නේ අගෝස්තු 1 වන දා මධ්‍යහ්න 12න්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories