මාලක සිල්වාට පහරදුන් සැකකරුවන් තවමත් හඳුනාගෙන නැහැ.

Tuesday, 30 July 2013 - 7:41

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.


නාඳුනන පිරිසකගේ පහරකෑමට ලක්වූ මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පුද්ගලයෙකු හඳුනාගෙන නොමැති බව පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විමර්ෂණ කටයුතු සිදුකරන අතර, සැකකරුවන් හඳුනා ගැනීම සම්බන්ධයෙන් ඔඩෙල් සාප්පු සංකීර්ණයේ රථ ගාලේ ආරක්ෂක කැමරාද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඊයේ (29) පස්වරුවේ කොළඹ පුරහල ප්‍රදේශයේ පිහිටි ඔඩෙල් සාප්පු සංකීර්ණයේ රථ ගාල තුළදී මාලක සිල්වාට මෙම පහරදීම සිදුවූ අතර, සුඛෝපභෝගී රථයකින් පැමිණි පිරිසක් ඔහුට මෙම ප්‍රහාරය එල්ල කළ බවයි වාර්තා වුණේ.

ඉන් අනතුරුව ඇමති පුත් මාලක සිල්වා කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කළා. පහරදීමෙන් ඔහුගේ හිසට සහ මුහුණට තුවාල සිදුව තිබූ බව පොලිසිය කියා සිටියා. ඊයේ (29) රාත්‍රියේදී නවලෝක රෝහල් පරිශ්‍රයේදී, මෙම පහරදීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු මහජන සම්බන්ධතා අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා.

[MP3]s64028[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories