ටී.එන්.ඒ. පිරිසක් ආණ්ඩුවට ඒමට සාකච්ජා.

Tuesday, 30 July 2013 - 12:43

%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F.

දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් පිරිසක් ආණ්ඩුව සමග එක්වීමට සාකච්ඡා කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේදී අද (30) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. ආණ්ඩුවත් සමග තවත් මන්ත්‍රීවරු එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ දැයි මාධ්‍යවේදීන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් විමසා තිබෙනවා. එහිදී ඔහු කියා සිටියේ දැන් දොර වසා ඇති බවයි. එහෙත් මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් පිරිස් ආණ්ඩුව සමග එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

 

උතුරේ ජනතාව මේ වනවිට ක්‍රමක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මාවතට යොමු කරමින් පවතින බවද ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියා සිටියා. එම කටයුත්තේ තවත් එක් පියවරක් ලෙස පළාත් සභා මැතිවරණයද පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

 

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ උතුරට අපේක්ෂකත්වය ලබානොදීම සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටියේ බොහෝ දෙනෙක් උතුරේ අපේක්ෂකත්වය ඉල්ලූ බවයි. එහෙත් උතුරේ නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත් කළ හැක්කේ 12 දෙනෙකු පමණක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ. තරගකාරී පරිසරයක් තුළ හොඳම පිරිස පමණක් තෝරාගත් බවද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙහිදී ප්‍රකාශ කළා.

 

දෙමළ ජාතික සන්ධාන උතුරේ මහ ඇමති අපේක්ෂක හිටපු විනිසුරු සී.වී. විග්නේෂ්වරන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයන් පිළිබඳවද මාධ්‍යවේදීන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කියා සිටියේ  ඕනෑම ගැටළුවක් සාකච්ජා කර විසඳාගත හැකි බවයි. වයඹ මහ ඇමතිවරයා තෝරා ගැනීම ජනතාවට භාරදිය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලෙසයි. මෙතෙක් වැඩිම මනාප ලබාගන්නා පුද්ගලයාට මහ ඇමති ධුරය පිරිනැමූ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories