13 වන සංශෝධනය පදනම් කර ගනිමින් පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට එරෙහිව සංඝාඥාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව බොදුබල සේනා සංවිධානය ප්‍රකාශ කළා. එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙම අදහස් පළ කළේ මහනුවර දී අද (30) මල්වතු මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
13 වන සංශෝධනය ක්‍රියාත්මක වන මොහොතක උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම තුළින් බෙදුම්වාදය තව තවත් ශක්තිමත් වන බව බොදුබල සේනා සංවිධානයේ අදහසයි. ඒ පිළිබදව අද (30) මල්වතු මහනාහිමියන් සමග සාකච්ඡා කළ බව එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කළා.
[MP3]s64077_1[/MP3]
මේ අතර, මෙවර පළාත් සභා මැතිවරණය දැනටමත් ප්‍රචණ්ඩත්වයෙන් යුත් මැතිවරණයක් බවට පත්වී අවසන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ කොළඹ අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
[MP3]s64077_2[/MP3]
එක්සත් ජාතික පක්ෂය කොළඹ අද (30) පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ අද දිනය තුළ නාම යෝජනා සකස් කර අවසන් කරන බවයි.
[MP3]s64077_3[/MP3]
Follow US
Most Viewed Stories