රතුපස්වල උපවාසය තවමත් අවසන් නැහැ.

Wednesday, 31 July 2013 - 7:29

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

වැලිවේරියේ ගම්මාන 10කට බලපා ඇති පානීය ජල ගැටළුවට විසඳුම් ඉල්ලා රතුපස්වල - ගල්ඔලූව සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් පෙරේදා (29) රාත්‍රියේ ආරම්භ කළ මාරාන්තික උපවාසය මේ වන තුරුත් ක්‍රියාත්මකයි. රසායනික අපද්‍රව්‍ය මුදා හරින කර්මාන්තශාලාව තාවකාලිකව වසා දමා තිබුණත් එය මෙම ප්‍රශ්නයට විසඳුම නොවන බවයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ.

[MP3]s64093_1[/MP3]                                                                   

කර්මාන්ත ශාලාවෙන් බැහැර කරන රසායන ද්‍රව්‍ය හේතුවෙන් තම ලිං ජලයේ ආම්ලිකතාවය ඉහළ ගොස් ඇති බව පවසමින් ප්‍රදේශවාසී ජනතාව පසුගිය දින කිහිපය තුළ දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කළා.  කෙසේ වෙතත්, ඊයේ (30) පෙරවරුවේ මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මෙම ප්‍රදේශයට පැමිණ අදාළ රසායනික අපද්‍රව්‍ය මුදා හරින බවට චෝදනා එල්ල වන කර්මාන්ත ශාලාව වසා දමන ලෙස එම ආයතනයට දැනුම් දුන්නා.

මේ අතර, රසායන ද්‍රව්‍ය පිටුදැකීමේ ව්‍යාපාරය ඊයේ (30) දිනයේ රතුපස්වල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් ජල සාම්පල් ලබාගෙන තිබෙනවා. එහිදී ඔවුන්ගේ අවධානයට යොමුව තිබෙන්නේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු සහ අදාළ කර්මාන්තශාලාව ආශ්‍රිතව ජල පෝෂක ප්‍රදේශවල පැණ නැගී තිබෙන පාරිසරික ගැටළු සම්බන්ධවයි. රසායනික ද්‍රව්‍ය පිටුදැකීමේ ව්‍යාපාරයේ සභාපති අනුරාධ ප්‍රභාත් කියා සිටියේ මධ්‍යම පරිසර අධිකාරිය මගින් වාර්ෂිකව නිකුත් කරන උපද්‍රව්‍යකාරී රසායනික ද්‍රව්‍ය බැහැර කිරීමේ පාරිසරික බලපත්‍රය නිසියාකාරයෙන් නිකුත් කර තිබේ නම් මෙවැනි ගැටළුවක් ඇති විය නොහැකි බවයි.

[MP3]s64093_2[/MP3]

අදාළ කර්මාන්තශාලාවට ලබාදී තිබෙන පාරිසරික බලපත්‍රය වාර්ෂිකව නිසියාකාරයෙන් යාවත්කාලීන කර තිබේද යන්න පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විමල් රූබසිංහගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ මධ්‍යම පරිසර අධිකාරියට අයත් ප්‍රාදේශීය කාර්යාල මගින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බැවින් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන බවයි.

මිනිසුන්ට පානය කිරීමට සුදුසු ජලයේ ආම්ලික - භාෂ්මිකතාවය දැක්වෙන පී.එච්. අගය විය යුත්තේ 6යි දශම 5ත්, 7යිදශම 5ත් අතර අගයක්. මේ වන විට රතුපස්වල ජනතාව පානය කරන ජලයේ එම අගය පවතින්නේ 6යි දශම 5ට අඩු මට්ටමකයි. ජලයේ ආම්ලිකතාවය වැඩිවීම ඊට හේතු වී තිබෙනවා. ජලයේ පවතින පී.එච්. අගයෙහි ඇති වැදගත්කම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සී.එච්. මුතුකුඩගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා.

[MP3]s64093_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories