අතුලගේ නායකත්වයෙන් සන්ධානය කුරුණෑගලට නම් දෙයි.

Wednesday, 31 July 2013 - 12:43

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාර ගැනීම අවසන් වීමට ඇත්තේ තවත් එක්දිනයක් පමණයි. අද (31) දිනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය වයඹ පළාත් සභාව සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙනුත්, උතුරු පළාත් සභාව සඳහා මුලතිව් දිස්ත්‍රික්කයෙනුත් නාමයෝජනා භාර දී තිබෙනවා. උතුරු පළාත් සභාව සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා පත්‍ර භාරදී ඇත්තේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින්. වයඹ පළාත් සභාව සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නාමයෝජනා භාර දෙනු ලැබුවේ හිටපු පළාත් මහඇමති අතුල විජේසිංහ විසින්. මෙම අවස්ථාවට මෙවර පළාත් සභා මැතිවරණය සඳහා තරග කරන පසුගියදා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ දයාසිරි ජයසේකර සහභාගි වී සිටියේ නැහැ. නාමයෝජනා භාරදීමෙන් පසුව කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස හිටපු ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ විසින් මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වා සිටියා.

 

[MP3]s64126_1[/MP3]

 

මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ද එක්ව සිටියා.

 

[MP3]s64126_2[/MP3]

 

ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ද අද නාමයෝජනා භාර දෙනු ලැබුවා. ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායකයා ලෙස ඉදිරිපත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්නයි අද කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා පත්‍ර භාරදී ඇත්තේ. මීට අමතරව කුරුණෑගලට එක්සත් ජාතික පක්ෂය, එක්සත් ලංකා මහාසභාව, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය, ජනසෙත පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ අපේ ජාතික පෙරමුණ ද නාමයෝජනා භාර දී තිබෙනවා.

 

මාතලේ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අද නාමයෝජනා භාර දෙනු ලැබුවා. මීට පෙර මාතලේ දිස්ත්‍රික්කය සඳහා ජනසෙත පෙරමුණ නාමයෝජනා භාර දී තිබූ බවයි මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

 
මීට අමතරව, සමාජවාදී සමානතා පක්ෂය, ජාතීන්ගේ සමගි සංවිධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය ද පළාත්සභා ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර දී තිබෙනවා. මේ අතර, පළාත් සභා ඡන්ද විමසීම සඳහා ස්වාධීන කණ්ඩායම්වලට ඇප තැන්පත් කිරීමට ලබා දුන් කාලය අද මධ්‍යහ්න 12 න් අවසන් වුණා. මේ වනවිට දේශපාලන කණ්ඩායම් 62 කට අධික සංඛ්‍යාවක් ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ මහලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories