කෝප් වාර්තාව ගැන ඇමතිවරයෙකුට ප්‍රශ්නයක්.

Wednesday, 31 July 2013 - 18:58

%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ කෝප් වාර්තාව සකස් කිරීමට පෙර නිසි කරුණු අධ්‍යයනයක් සිදුකළේ දැයි තමන්ට ගැටලූ පවතින බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අද (31) ප්‍රකාශ කළා. රාජ්‍ය ආයතන 244 ක කටයුතු නිරීක්ෂණය කළ කෝප් කමිටුව මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සිය දෙවන වාර්තාවයි. එමගින් රාජ්‍ය ආයතන 15 ක් මහ පරිමාණයෙන් පාඩු ලබමින් පවතින බව හෙළි කර තිබෙනවා. ඊට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද අයත්. 2009 වසරේදී රුපියල් කෝටි 1135 ක පාඩුවක් ලැබූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව 2011 වසරේදී රුපියල් කෝටි 9450 දක්වා වර්ධනය වී ඇති බව කෝප් කමිටුව ප්‍රකාශ කළා. එහි දැක්වෙන්නේ 2011 වසරේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ ඒකාබද්ධ ගිණුම් පිළිගත නොහැකි බවයි. එමෙන්ම, එය නිසි විගණනයකට ලක් කර නොමැති බව ද කෝප් කමිටු වාර්තාවේ සඳහන්. කෙසේ වෙතත්, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විෂයභාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ තමන් ඇමති ධුරයට පත්වීමෙන් පසු ගත වූ මාස 6 තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව අවම කර ගැනීමට තමන්ට හැකිවූ බවයි.

[MP3]s64152_1[/MP3]                                  

ඉන්ධන මිලෙහි ඉහළ යාමක් ඉදිරියේදී සිදුවිය හැකි ද යන්න මෙහිදී මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා. ඊට ඔහු දැක්වූ ප්‍රතිචාරයයි මේ. 

[MP3]s64152_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories