පළාත් සභා ඡන්දයට ස්වාධීන කණ්ඩායම් 81 ක්.

Wednesday, 31 July 2013 - 19:13

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+81+%E0%B6%9A%E0%B7%8A.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීමට අදාළව මේ වනවිට පක්ෂ 15 කින් සහ ස්වාධීන කණ්ඩායම් 36 කින් නාමයෝජනා භාර දී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය, එක්සත් ලංකා මහා සභාව, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය සහ ජනසෙත පෙරමුණ මෙලෙස නාමයෝජනා භාර දී ඇති පක්ෂ අතර වනවා. මීට අමතරව සමාජවාදී සමානතා පක්ෂය, ජාතීන්ගේ සමගි සංවිධානය, අපේ ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය සහ දේශප්‍රේමී ජාතික පෙරමුණ ද නාමයෝජනා භාර දුන් අනෙකුත් පක්ෂයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නුවරඑළිය දිස්ත්‍රික්කය හැර ඇනෙකුත් දිස්ත්‍රික්ක 9ටම අද (31) නාමයෝජනා භාර දුන්නා. මධ්‍යම, පළාත් සභා මැතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සන්ධාන නාමයෝජනා භාර දෙනු ලැබුවේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින්. නාමයෝජනා භාරදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා.

[MP3]s64153_1[/MP3]

වයඹ පළාත් සභා මැතිවරණය වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සන්ධාන නාමයෝජනා අද භාර දෙනු ලැබුවේ එහි කණ්ඩායම් නායක හිටපු පළාත් මහඇමති අතුල විජේසිංහ විසින්. මෙම අවස්ථාවට මෙවර පළාත් සභා මැතිවරණය සඳහා තරග කරන පසුගියදා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ දයාසිරි ජයසේකර සහභාගි වී සිටියේ නැහැ. නාමයෝජනා භාර දීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නාමයෝජනා ලැයිස්තුවේ සිටින සියලූම අපේක්ෂකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.

[MP3]s64153_2[/MP3]

එක්සත් ජාතික පක්ෂය අද (31) දිනයේදී උතුරු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාර දුන්නා. ඊට අමතරව, ඔවුන් ඊයේ දිනයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයට ද නාමයෝජනා භාර දී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ දිස්ත්‍රික්ක 10 සඳහාම අද නාමයෝජනා භාර දුන්නා. වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී උතුරු පළාත් සභා ඡන්ද විමසීම වෙනුවෙන් නාමයෝජනා භාර දෙනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින්. නාමයෝජනා භාරදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා.

[MP3]s64153_3[/MP3]

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මේ වනවිට මන්නාරම, කුරුණෑගලට සහ පුත්තලමට නාමයෝජනා භාර දී තිබෙනවා. ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5ටම දැනටමත් නාමයෝජනා ලබාදී අවසන්.

පළාත් සභා ඡන්ද විමසීමට අදාළව ස්වාධීන කණ්ඩායම්වලට ඇප තැන්පත් කිරීමට ලබාදුන් කාලය අද මධ්‍යහ්න 12 න් අවසන් වුණා. මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ ස්වාධීන කණ්ඩායම් 81 ක් අද දහවල් 12 වන විට ඇප තැන්පත් කර ඇති බවයි. පළාත් සභා ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාර ගැනීම හෙට මධ්‍යහ්න 12 න් අවසන් වනවා. ඉන් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් පළාත් සභා ඡන්ද විමසීම පවත්වන දිනය ප්‍රකාශයට පත් කරනු ඇති. ඒ අනුව සැප්තැම්බර් මස 21 හෝ 28 ඡන්ද විමසීම පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories