ලාංකිකයන් ඇතුළු යුද අපරාධකරුවන් 100 ක් බ්‍රිතාන්‍යයේ.

Wednesday, 31 July 2013 - 19:51

%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+100+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A.

යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදේශිකයින් සියයකට අධික පිරිසක් පසුගිය වසර තුළ බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය සහ සරණාගත තත්ත්වය සඳහා අයදුම්කර ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. ඔවුන් ඇෆ්ගනිස්ථානය, ඉරානය, ඉරාකය, ලිබියාව, රුවන්ඩාව, සර්බියාව, කොංගෝව සහ ශ්‍රී ලංකාව වැනි රටවලින් පැමිණි අය බවයි බී.බී.සී. ප්‍රවෘත්ති සේවය කළ විමසීමකදී හෙළි වී ඇත්තේ. 2012 ජනවාරි මාසයේ සිට මේ දක්වා එලෙස යුද අපරාධ සම්බන්ධයෙන් සැක පළවන පුද්ගලයන් 99 දෙනෙකුගේ රැකවරණ ඉල්ලීම් ඉවත දැමීමට බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිර්දේශ කර තිබෙනවා. කෙසේ නමුත්, 3 දෙනෙකු හැර අනෙකුත් සියලූ දෙනාම තවමත් බ්‍රිතාන්‍යය තුළ රැඳී සිටින බව සඳහන්. ඒ අතරතුර එලෙස යුද අපරාධ සම්බන්ධයෙන් සැක කෙරෙන තවත් 16 දෙනෙකු රටට ඇතුළු වී ඇති බව බ්‍රිතාන්‍ය රජය සඳහන් කළා. කෙසේ නමුත්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ බ්‍රිතාන්‍යය යුද අපරාධකරුවන්ගේ ක්ෂේම භූමියක් බවට පත්වීමට ඉඩ නොදෙන බවයි.

කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ තවමත් යුද අපරාධකරුවන් රැඳී සිටින බවට දේශහිතෛශී ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන එහි මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර.

[MP3]s64159[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories