වාස්ට තවත් කප්පම් චෝදනාවක්.

Thursday, 01 August 2013 - 7:37

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජනය කර රුපියල් ලක්ෂ 25ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඉන්, රුපියල් 14 ලක්ෂ 80,000 ක මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ලබන 5 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස  මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (31) නියෝග කළා. මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කළ ඉල්ලීමකට අනුවයි. කිරිබත්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ හිටපු ලේකම්වරයෙකුගෙන් මෙලෙස කප්පම් මුදලක් ලබා ගෙන ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේ පැමිණිලිකාර ව්‍යාපාරිකයා නීතිවිරෝධී ගිනි අවි පරිහරණය කරන බවටත්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවටත් චෝදනා නගමින් ඔහු ඝාතනය කරන බවට තර්ජනය කොට මෙලෙස කප්පම් ඉල්ලා ඇති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාව සැලකිල්ලට ගනිමින් මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි නියෝග කළේ ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර ගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ලබන 5 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories