රංගේට සහ අශෝක්ට යලි එජාප වරම්.

Thursday, 01 August 2013 - 7:39

%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B7%81%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B7%80%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A.

පාලිත රංගේබණ්ඩාර සහ අශෝක් අබේසිංහ යන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොන්දේසි විරහිතව පක්ෂ සාමාජිකත්වය යළි ලබා දීමට ඊයේ (31) පැවති සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා අතර මෙම සාකච්ඡාව ඊයේ පැවැත්වුණා. එහිදී තීරණය වී ඇත්තේ අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව පැවැත්වෙන විනය පරීක්ෂණ ද සම්පූර්ණයෙන්ම නවතා දැමීමටයි. එම සාකච්ඡාවේදී ගත් තීරණය ඉදිරි පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද එකඟ වී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

 
[MP3]s64168[/MP3]

 
පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණයට පටහැනිව යමින් එක්සත් භික්ෂු පෙරමුණ පසුගියදා සංවිධාන කළ ජනහමුවකට සහභාගිවීම සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් විනය පරීක්ෂණයක් කැඳවා තිබුණා. එහිදී තීරණය වූයේ මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories