ජෝන් කෙරී පාකිස්ථානයට.

Thursday, 01 August 2013 - 7:58

%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී නිල සංචාරයක් සඳහා ඊයේ පාකිස්ථානයට පැමිණ තිබෙනවා. ජෝන් කෙරී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව පාකිස්ථානයට පැමිණියේ පළමු වතාවටයි. මෙම සංචාරයේදී දෙරටට වැදගත් වන ආරක්ෂක සහ ආර්ථික කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය සංචාරයේදී පාකිස්ථානු ජනාධිපති අසීෆ් අල් සර්දාරි සහ අග්‍රාමාත්‍ය නවාශ් ෂරීෆ් මුණ ගැසී සාකච්ඡා වට කිහිපයක් සිදුකිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories