රතුපස්වල හිමිනම යළි උපවාසයේ. - නඩුව කල් යයි.

Thursday, 01 August 2013 - 12:49

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B6%B8+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A.+-+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

වැලිවේරිය - නැඳුන්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන කර්මාන්තශාලාව සම්බන්ධයෙන් වන නඩුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (01) දෙවැනි දිනයටත් කැඳවනු ලැබුවා. එහිදී  මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ලබන අගෝස්තු 22 වැනිදා දක්වා නඩුව කල්තැබීමටයි.  ඒ නඩුවේ පාර්ශවකරුවන් වන පොලිසිය අදාළ කර්මාන්තශාලාව සහ අගතියට පත් ප්‍රදේශවාසීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් අද දිනයේත් ඉදිරිපත් කළ වාර්තා ප්‍රමාණවත් නොවීම හේතුවෙන්.

නඩුව මුල්වරට කැඳවූ ඊයේ දිනයේදී පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළ අතර එහිදී කර්මාන්තශාලාව වසා දැමීමට නියෝගයක් නිකුත් කළ නොහැකි බවට ගම්පහ මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් කියා සිටියා. ඒ ප්‍රදේශයේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය පිළිබඳ පොලිසිය ප්‍රමාණවත් පරිදි අධිකරණයට කරුණු ඉදිරිපත් නොකළ බව පවසමින්.

මේ අතර, වැලිවේරිය - නැඳුන්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන කර්මාන්තශාලාව හේතුවෙන් ඇති වී තිබෙන පානීය ජල ගැලූවට විරෝධය පළකරමින් පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් විසින් යළිත් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය 29 වැනි සඳුදා සිට උන්වහන්සේ ආරම්භ කළ මාරාන්තික උපවාසය ඊයේ දිනයෙන් නතර කෙරුණේ අදාළ ගැටලූව පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීමත් සමඟයි. උපවාසය යළි ආරම්භ කිරීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන්.

[MP3]s64194_1[/MP3]

මෙම කර්මාන්තශාලාවේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් භාවිතයට ගත නොහැකි බව පවසමින් පසුගිය සෙනෙසුරාදා සිට වැලිවේරිය - රතුපස්වල ජනතාව උද්ඝෝෂණවල නිරත වුණා. රතුපස්වල ඇතුළු ගම්මාන 10 කට බලපැවති මෙම ගැටලූව සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් මෙම කර්මාන්තශාලාව වටකරගෙන මෙම උද්ඝෝෂණවල නිරත වූ අතර ඒ හේතුවෙන් කර්මාන්තශාලාවේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකායේ සෙබළුන් ද යොදවනු ලැබුවා. මෙම ගැටලූව සම්බන්ධයෙන් බලධාරින් සහ ප්‍රදේශවාසීන් අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණු අතර ඒවා ද අසාර්ථක වුණා. අද දිනයේ වැලිවේරිය නගරයේ ද මෙම ගැටලූවට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වුණු අතර එහිදී නගරයේ කඩ සාප්පු වසා දමමින් කළුකොඩි ප්‍රදර්ශනය කර තිබූ බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. එම උද්ඝෝෂණයට එක්වූවන් හිරු ප්‍රවෘත්ති අංශයට ඒ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.

[MP3]s64194_2[/MP3] 

මෙම ගැටලූව පිළිබඳව පසුගිය 25 වැනිදා හිරු රතු මිනිත්තුවෙන් ද හෙළිදරව් කෙරුණු අතර ඒ පිළිබඳව අවධානය යොමුකළ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අදාළ ගැටලූව සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories