රාත්‍රි කාලයේදී වැලි ප්‍රවාහනයට අද සිට අවසර.

Thursday, 01 August 2013 - 18:55

%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB.

අද (01) සිට වැලි ප්‍රවාහනය සඳහා රාත්‍රි කාලයේද අවසර ලබා දීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව රාත්‍රි හතේ සිට පසුදා උදෑසන 06 දක්වා වැලි ප්‍රවාහනය කළ හැකි බවයි එම කාර්යාංශය ප්‍රකාශ කළේ. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එම කාර්යාංශයේ සභාපති සෙනරත් ජයසුන්දර කියා සිටියේ ලබාදෙන වැලි ප්‍රවාහන බලපත්‍ර සඳහා ආරක්ෂිත කඩදාසි ඇතුළත් ස්ටිකරයක් ද ලබාදීමට කටයුතු සිදුකරන බවයි. එමඟින් ව්‍යාජ වැලි ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමට ඇති හැකියාවද අවහිර වන බව ඔහු සඳහන් කළා.

 
[MP3]s64217[/MP3]     



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories