පළාත් සභා ඡන්දය සැප්තැම්බර් 21 වැනිදා.

Thursday, 01 August 2013 - 19:05

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+21+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීම සඳහා පක්ෂ 19 කින් සහ ස්වාධීන කණ්ඩායම් 75 කින් අපේක්ෂකයන් 3785 ක් ඉදිරිපත්ව සිටිනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය,   ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජනසෙත පෙරමුණ සහ ඉලංකෙයි තමිල් අරසු පක්ෂය මෙලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන දේශපාලන පක්ෂවලට අයත්.

උතුරු පළාත් සභා ඡන්ද විමසීමට අදාළව යාපනය දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වු නාමයෝජනා වලින් දේශපාලන පක්ෂ 11 ක් සහ ස්වාධීන කණ්ඩායම් 09 ක් පිළිගෙන තිබෙනවා. ජාතික සංවර්ධන පෙරමුණ සහ අපේ ජාතික පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර මෙහිදී ප්‍රතික්ෂේප වූ බවයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය සඳහන් කළේ.

මුලතිව් දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ 11 කින් සහ ස්වාධීන කණ්ඩායම් 02 කින් ඉදිරිපත් වු නාමයෝජනා පිළිගනු ලැබුවා. මන්නාරම දිස්ත්‍රික්කය සඳහා පක්ෂ 12 කින් සහ ස්වාධීන කණ්ඩායම් 08 කින් ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර පිළිගෙන තිබෙනවා. කිලිනොච්චි දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ 11 කින් ඉදිරිපත් කළ නාමයෝජනා පිළිගනු ලැබුවා. ස්වාධීන කණ්ඩායම් 03 ක් කිලිනොච්චි දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලබාදුන් නමුත්, ඉන් පිළිගනු ලැබුවේ නාමයෝජනා 02 ක් පමණයි. වව්නියාව දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 12 කින් ඉදිරිපත් වු නාමයෝජනා පත්‍ර පිළිගෙන තිබෙනවා. ස්වාධීන කණ්ඩායම් 08 කින් නාමයෝජනා ඉදිරිපත් වූ නමුත්, ඉන් එක් නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප වුණා.

මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ    17 කින් සහ ස්වාධීන කණ්ඩායම් 04 කින් ඉදිරිපත් කළ නාමයෝජනා පිළිගනු ලැබුවා. මාතලේ දිස්ත්‍රික්කයට පක්ෂ 13 කින් සහ ස්වාධීන කණ්ඩායම් 07 කින් නාමයෝජනා ලබා දී තිබෙනවා. නුවරඑලිය දිස්ත්‍රික්කය සඳහා පක්ෂ 14 කින් ඉදිරිපත් වු නාමයෝජනා පිළිගනු ලැබුවා. ස්වාධීන කණ්ඩායම් 10 ක් නුවරඑලිය සඳහා නාමයෝජනා ලබාදුන් නමුත්, එක් ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා.

වයඹ පළාත් සභා ඡන්ද විමසීමට අදාළව පුත්තලම දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 13 කින් නාමයෝජනා ලබාදුන් නමුත්, ඉන් එක් නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. ජාතික සංවර්ධන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයයි මෙලෙස ප්‍රතික්ෂේප වී ඇත්තේ. ඊට අමතරව පුත්තලමට ස්වාධීන කණ්ඩායම් 11 ක් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර පිළිගනු ලැබුවා.

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 16 කින් නාමයෝජනා ලබාදී තිබූ අතර, ඉන් නාමයෝජනා පත්‍ර දෙකක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. ජාතික සංවර්ධන පෙරමුණ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයි මෙලෙස ප්‍රතික්ෂේප වී ඇත්තේ. ස්වාධීන කණ්ඩායම් 13 කින් කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාර දුන්නා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ජනසෙත පෙරමුණ ඡන්ද විමසීම සිදු කෙරෙන දිස්ත්‍රික්ක 10 ටම නාමයෝජනා භාර දී තිබෙනවා. ඉලංකෙයි තමිල් අරසු පක්ෂය උතුර පළාත් සභාවට පමණක් තරග කරන අතර, ඔවුන් උතුරේ දිස්ත්‍රික්ක 05 ටම නාමයෝජනා ලබා දුන්නා. මුස්ලිම් කොංග්‍රසය කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික් හැර අනෙකුත් සියලූම දිස්ත්‍රික්ක සඳහා නාමයෝජනා ලබාදී තිබෙනවා.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීම සැප්තැම්බර් මස 21 වැනිදා පෙරවරු හතේ සිට පස්වරු හතර දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සඳහන් කළා. මෙවර ඡන්ද විමසීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් හතලිස් තුන් ලක්ෂ 58,263 දෙනෙකු ලියාපදිංචි වී සිටිනවා. පළාත් 03 ට ඡන්දයෙන් තෝරාගනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 142 ක්.

මේ අතර, මධ්‍යම පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය අද (01) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාර දුන්නා. නාමයෝජනා භාරදීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න එක්ව සිටි අතර, එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා භාරදීම සඳහා එක්ව සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලයි. නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මෙලෙස අදහස් දක්වා සිටියා.

[MP3]s64219_1[/MP3]                       

අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්නද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ වයඹ, මධ්‍යම මෙන්ම උතුර පළාත් සභාවද එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරන බවයි.
 
[MP3]s64219_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories