නවාස් ෂරීෆ්ට ඇමරිකාවේ හොඳ හිත.

Friday, 02 August 2013 - 8:05

%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B7%82%E0%B6%BB%E0%B7%93%E0%B7%86%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3+%E0%B7%84%E0%B7%92%E0%B6%AD.



ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් පාකිස්ථානය සමග ඉහළ පෙලේ සාකච්ඡා යලි ආරම්භ කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. ඉස්ලාමාබාද් නුවරට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, පාකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුවයි එම තීරණය ප්‍රකාශයට පත් කළේ. පාකිස්ථාන - ඇෆ්ගනීස්ථාන දේශසීමා ප්‍රදේශයේදී ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් පාකිස්ථාන සොල්දාදුවන් 24 දෙනෙකු 2011 වසරේදී මියයාමේ සිද්ධියෙන් පසු, දෙරට අතර, ආරක්ෂක සබඳතා පළුදු වුණා. එම වසරේ මැයි මාසයේදී අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන් ඇමරිකානු හමුදාව විසින් පාකිස්ථානයේදී ඝාතනය කිරීම ද සබඳතා තවදුරටත් බිඳ වැටීමට හේතුවක්. කෙසේ නමුත්, පාකිස්ථානයේ නව අගමැති නවාස් ෂරීෆ් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ එම සංවාදය ඉතා ඵලදායි ධනාත්මක එකක් වූ බවයි. එමෙන්ම, ජනාධිපති බැරැක් ඔබාමා මුණ ගැසීම සඳහා වොෂින්ටනයට පැමිණෙන ලෙස ද ජෝන් කෙරී, පාකිස්ථාන අගමැති නවාස් ෂරීෆ්ට ආරාධනා කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories