ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කතාව නැවත ලියන හිරු ටී.වී. නාළිකාව මෙරට දේශපාලන සංවාද කරලිය තුළ ද හිරු ලකුණ සටහන් කරමින් බලය දේශපාලන වැඩසටහන විකාශය කරනවා.
සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රි 10ට සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙම දේශපාලන කථිකාව විකාශය වන අතර ඊයේ රාත්‍රියේද සිව්වන වැඩසටහන විකාශය කරනු ලැබුවා. ඒ ආර්ථිකය සහ සංවර්ධනය යන මාතෘකාව යටතේයි. ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක එක්වු අතර, විපක්ෂය නියෝජනය කරමින් සහභාගි වූයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති.
එහිදී එක් අවස්ථාවකදී රජය ජනතාවට ලබාදී ඇති සහන සම්බන්ධයෙන් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරුන් අතර මෙවැනි උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
[MP3]s64246[/MP3]
Follow US
Most Viewed Stories