නූරිවත්ත ඝාතනයෙන් පසු පැමිණි පොලිස් ස්ථානාධිපතිටත් මාරුවක්.

Friday, 02 August 2013 - 12:45

%E0%B6%B1%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

දැරණියගල - පොලිස් ස්ථානයේ  ස්ථානාධිපතිවරයා ලෙස අලූතින් පත් කෙරුණු පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවීමට පියවර ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන සඳහන් කළේ සේවා අවශ්‍යතා මත ඔහු පදියතලාව පොලිසිය වෙත මාරු කර යැවීමට පියවර ගත් බවයි. දැරණියගල නූරි වතුයායේ වතු අධිකාරීවරයා ලෙස කටයුතු කළ නිහාල් පෙරේරා ඝාතනය කිරීමෙන් අනතුරුව එම පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ තවත් පොලිස් නිලධාරීන් 20 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දුන්නා. ඉන් අනතුරුව නව ස්ථානාධිපතිවරයා ලෙස පත් කෙරුණේ පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දුයි. වතු අධිකාරීවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතකොටා හෙවත් අනිල් විජේසිංහ ඇතුළු සැකකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories