දළදාගම අනතුරකින් එකම පවුලේ තුන්දෙනෙකු මරුට.

Friday, 02 August 2013 - 18:40

%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

මහව - දළදාගම ප්‍රදේශයේදී අද (02) පෙරවරුවේ පෞද්ගලික බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් එකම පවුලේ තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් දෙදෙනෙකු අනතුරෙන් තුවාල ලැබූ අතර, මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන්ගත් 10 හැවිරිදි පිරිමි දරුවෙකු, ඔහුගේ පියා සහ මිත්තණියයි. සිද්ධියෙන් තුවාල ලැබූ දරුවාගේ මව සහ තවත් කාන්තාවක් මේ වන විට ප්‍රතිකාර ලබන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේයි. මෝටර් රථයේ ගමන් කළ පිරිස වේයන්ගොඩ - කොහිලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories