උතුර, වයඹ සහ මධ්‍යම පළාත්වල පෙළපාලි, පා ගමන් එපා. මැ.කො.

Saturday, 03 August 2013 - 18:53

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%2C+%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+++%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%2C+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+%E0%B6%B8%E0%B7%90.%E0%B6%9A%E0%B7%9C.

මධ්‍යම, උතුර හා වයඹ පළාත්වල විවිධ අවස්ථාවල පාගමන්, ප්‍රචාරක රැලි හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමෙන් වළකින ලෙස රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික ආයතනවලට මැතිවරණ දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මෙම පළාත් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බැවින් මෙම පාගමන්, ප්‍රචාරක රැලි සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා දේශපාලන මුහුණුවරක් ලැබිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. එමෙන්ම, මෙවැනි ප්‍රචාරක වැඩසටහන්වලදී දේශපාලන පත්‍රිකා, බෙදා හැරීමක් සිදුවුවහොත් එය ඡන්ද විමසීමේ නීතිය උල්ලංඝනයවීමක් ද වනවා. එමගින් පාගමන් සංවිධායකයන්ට අපහසුතාවයන්ට මුහුණදීමට සිදුවිය හැකියි.
 
මේ හේතුවෙන්, එම මධ්‍යම, උතුර හා වයඹ පළාත්වල, පළාත් සභා ඡන්ද විමසීම සිදුකෙරෙන කාලසීමාව තුළ පැවැත්වීමට නියමිතව ඇති පාගමන්, ප්‍රචාරක රැලි හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ලබන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීමෙන් පසුව සිදුකරන ලෙසයි මැතිවරණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories