විජිතගෙන් ඩලස්ට අභියෝගයක්.

Saturday, 03 August 2013 - 19:03

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ අද ආරාධනාවක් කළා. ඒ, එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, වැලිවේරිය සහ රතුපස්වල ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි. නැඳුන්ගමුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක් නිසා තමන්ගේ ළිංවල ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් දින කිහිපයක් තිස්සේ වැලිවේරිය අවට ගම්මාන 10 ක ජනතාව දින කිහිපයක් තිස්සේ විරෝධතාවයක නිරතවුණා. පසුගිය බ්‍රහස්පතින්දා විරෝධතාකරුවන් පිරිසක් වැලිවේරිය නගරයට පැමිණ මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරතවූ අතර එය විසුරුවා හැරීමට යුද හමුදාව පියවර ගත්තා.

කෙසේ වෙතත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම විරෝධතාවය පිළිබඳව අමාත්‍ය ඩලස් අලහප්පේරුම පළකළේ මෙවන් අදහසක්.

[MP3]s64357_1[/MP3]

අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට  ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් දැක්වූ ප්‍රතිචාරයයි මේ.

[MP3]s64357_2[/MP3]

කතෝලික රදගුරු සභාවේ නියෝජිත කණ්ඩායමක්ද අද (03) රතුපස්වල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා. සහයක රදගුරු මැක්ස්වෙල් සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැමිණි එම කණ්ඩායම පසුව වැලිවේරිය  ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී ජනතාව සමග සාකච්ඡාවකද නිරතවුණා. සාකච්ඡාවෙන් පසු එම දේවස්ථානය භාර පූජක ලක්ප්‍රිය නෝනිස් පියතුමන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත මෙලෙස අදහස් දක්වා සිටියා.

[MP3]s64357_3[/MP3]

පානීය ජල ගැටළුව මුල් කරගෙන වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ඇතිවූ ගැටළුවට නිසි විසඳුම් නොලැබුණහොත් තමන් යළි මාරාන්තික උපවාසයකට එළඹෙන බව ගල්ඔළුව  ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් විහාරස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. එමෙන්ම විපක්ෂයේ විරෝධය සංවිධානයද අද රතුපස්වල ප්‍රදේශයේ සංචාරයක නිරතවුණා. කෙසේ වෙතත් මේ වනවිට එම ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී බවයි ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ.

පසුගිය බ්‍රහස්පතින්දා වැලිවේරිය නගරයේ හටගත් උණුසුම්කාරී තත්ත්වයේදී තුවාල ලබා පුද්ගලයින් 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර ඉන් 6 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිවරයා අද පොලිස් රෝහල වෙත මාරුකර යවා ඇති අතර තවත් හමුදා සෙබලෙකු ප්‍රතිකාර ලබා පිටව ගියා. 19 හැවිරිදි තරුණයෙකු ඇතුළු හතරදෙනෙකු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ.

[MP3]s64357_4[/MP3]

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් 15 දෙනෙකු ගම්පහ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර රාගම සහ වතුපිටිවල රෝහල්වල හතරදෙනෙකුද උඩුපිල රෝහලේ තිදෙනෙකුද  ප්‍රතිකාර ලබනවා. සිද්ධියෙන් මරණයට පත්වූ 17 හැවිරිදි පාසල් සිසුවාගේ අවසන් කටයුතු හෙට වැලිවේරිය පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

වැලිවේරිය නගරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සහ යුද හමුදාව විසින් වෙන වෙනම පරීක්ෂණ කටයුතු මෙහෙයවනවා. යුද හමුදාපතිවරයා ලෙස පසුගියදා පත්වූ ලූතිනන් ජනරාල් දයා රත්නායක අද පෙරවරුවේ අස්ගිරි - මල්වතු මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර එහිදී යුද හමුදාව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

[MP3]s64357_5[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories