වැලිවේරියේදී තුවාල ලැබූ තවත් අයෙක් මරුට.

Sunday, 04 August 2013 - 7:41

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

රතුපස්වල ජල ගැටළුව මුල් කර ගනිමින් වැලිවේරිය නගර මධ්‍යයේ පැවැති විරෝධතාවය අතරතුර තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි තවත් අයෙකු ඊයේ (03) රාත්‍රියේ මියගොස් තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන ඒ බව තහවුරු කළා. මියගොස් ඇත්තේ රතුපස්වල ප්‍රදේශයේ පදිංචි රවිශාන් පෙරේරා නැමති 19 හැවිරිදි තරුණයෙක්. සිද්ධියෙන් තුවාල ලැබූ 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර මේ වනවිට 4 දෙනෙකු එහි ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ජාතික රෝහලට ඇතුළත් කළ වැලිවේරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා පොලිස් රෝහල වෙත මාරුකර යවා ඇති අතර තවත් හමුදා සෙබලෙකු ප්‍රතිකාර ලබා ඊයේ පිටව ගොස් තිබුණා.  ඊයේ (03) පස්වරුව වනවිට සිද්ධියෙන් තුවාල ලැබූ තවත් 15 දෙනෙකු ගම්පහ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මේ අතර සිද්ධියෙන් මියගිය 17 හැවිරිදි පාසල් සිසුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද වැලිවේරිය පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories