පළාත් මැතිවරණයේ මනාප අංක හෙට හෝ අනිද්දා.

Sunday, 04 August 2013 - 12:42

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4+%E0%B6%85%E0%B6%82%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%84%E0%B7%9D+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F.



උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට හෙට හෝ අනිද්දා මනාප අංක ලබාදිය හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසනවා. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් සඳහන් කළේ මේ වනවිට ඡන්ද විමසීම සිදුකරන දිස්ත්‍රික්ක දහයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් එවන ලද අපේක්ෂක නාම ලේඛන පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් අදියරයේ පවතින බවයි. ඒ අනුව හෙට හෝ අනිද්දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී අපේක්ෂකයන්ට මනාප අංක ලබාගත හැකි බවද ඔහු සඳහන් කළා. මෙවර පළාත් සභා ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන් 3785 ක් ඉදිරිපත්ව සිටිනවා.

 

මේ අතර මැතිවරණ කොමසාරිස්වරයා විසින් මේ මස 6 වැනිදා සියළුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් සඳහා  රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයට කැඳවා තිබෙනවා. ඒ, රාජ්‍ය දේපළ පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සඳහා යොදාගැනීම වළක්වාලීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහායි. සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා සහ මණ්ඩල ප්‍රධානීන් මෙම සාකච්ඡාව සඳහා කැඳවා ඇති බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories