මහනුවර ගුවන්තොට ඉදිකරන ලෙස ජනපතිගෙන් උපදෙස්.

Sunday, 04 August 2013 - 19:22

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A.

මහනුවර - අභ්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීමට යෝජිත භූමිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්වී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද (04) පෙරවරුවේ ජනාධිපතිවරයා එම භූමිය නිරීක්ෂණයට ලක් කරමින් අදාළ බලධාරීන්ට ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලෙස උපදෙස් ලබාදුන් බවයි.

මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (04) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තා. ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරයට ගිය ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමියන් බැහැ දැක සුවදුක් විමසා කෙටි පිළිසඳරකද නිරතවුණා. මල්වතු මහා විහාරය වෙතද ගිය ජනාධිපතිවරයා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන්ද බැහැ දැක සුවදුක් විමසූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

රජයේත්, පක්ෂයේත් ගෞරවය රැකගනිමින් මැතිවරණ නීතිද ආරක්ෂා කරමින් සාමකාමී ප්‍රචාරණ ව්‍යාපාරයක නිරතවන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිදහස් සන්ධාන අපේක්ෂකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා. වයඹ සහ මධ්‍යම පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින් සමග ඊයේ (03) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදියි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදීම සිදුකර ඇත්තේ. හෙට ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයේ සහ ශිෂ්‍යත්ව විභාග කටයුතු සඳහා කිසිදු බාධාවක් එල්ල නොවන අයුරින් ප්‍රචාරක කටයුතු සිදුකිරීමට වගබලාගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා. විභාග මධ්‍යස්ථාන අවට කිසිසේත් ප්‍රචාරක කටයුතුවල නිරත නොවන ලෙසටයි ජනාධිපතිවරයා අපේක්ෂකයන්ට උපදෙස් ලබාදී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories