රුහුණේ ගවයන් 21 දෙනෙකු ගැන රාවණා බලයෙන් පැමිණිල්ලක්.

Monday, 05 August 2013 - 13:27

%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%9C%E0%B7%80%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+21+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ශිෂ්‍ය අධ්‍යයන කටයුතු සඳහා ඇතිකරන ලද ගවයන් ටෙන්ඩර් මගින් විකිණීම සම්බන්ධයෙන් රාවණා බලය සංවිධානය අද (05) උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත සංදේශයක් භාර දෙනු ලැබුවා. රාවණාබලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ විශ්වවිද්‍යාලයේ ඇතිකරන ලද ගවයන් 21 දෙනෙකු ටෙන්ඩර් කැඳවීමක් මගින්, කිසියම් පුද්ගලයෙකුට විකිණීමට කටයුතු කර ඇති බවයි. එම ගවයන් විකුණීම සඳහා ටෙන්ඩරය ලබාදී ඇත්තේ මස් පිණිස ගවයින් ඝාතනය කරන පුද්ගලයෙකුට බවයි උන්වහන්සේ කියා සිටියේ. සංදේශය භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්.

[MP3]s64454[/MP3]     
 
රාවණා බලය එම සංදේශය අද භාරදෙනු ලැබුවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙකුටයි. එහිදී එම ලේකම්වරයා රුහුණු විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය වෙත දුරකථනය මගින් දැනුම්දී ඇත්තේ මෙම ටෙන්ඩරය කැඳවීම තාවකාලිකව නතර කරන ලෙසයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායකගෙන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ තමන් මෙවැනි සිදුවීමක් පිළිබඳව මේ වනතුරු නොදන්නා බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories