නූරි නඩුවේ ලක්ෂ 15ක අල්ලස් සිද්ධියක්.

Monday, 05 August 2013 - 18:48

%E0%B6%B1%E0%B7%96%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+15%E0%B6%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

දැරණියගල - නූරිවත්තේ වතු අධිකාරී ඝාතනයේ වගකීම් භාර ගන්නා ලෙස අමිල නම් සැකකරු, ක්‍රිෂ්ණවෙල් රාජේන්ද්‍රන් නම් සැකකරුට බලපෑම් කර ඇති බව අද (05) පැවැති නඩු විභාගයේ දී අනාවරණය වී තිබෙනවා. එලෙස වගකීම් භාර ගන්නේ නම් ඔහුට රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබාදෙන බව පවසා ඇතැයි ද රහස් පොලීසිය අද (05) අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දුන්නා. ඒ අනුව ක්‍රිෂ්ණවෙල් බන්ධනාගාරය තුළ වෙනම රඳවා තබන ලෙසයි මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ.  
මේ අතර, නූරිවත්ත වතු අධිකාරීවරයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල අධිකරණය වෙත අද (05) ඉදිරිපත් කළ සැකකරුවන් විසි දෙදෙනෙකු අතුරෙන් 21 දෙනෙකු ලබන 19 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. අනිල් චම්පික විජේසිංහ නොහොත් අත කොටා නැමැත්තා ද එලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිසට ඇතුළත්. 22 වන සැකකරු සිද්ධියට සම්බන්ධ නොමැති බවට පරීක්ෂණවලදී හෙළි වී යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව 22 වන සැකකරු නිදහස් කිරීමටයි අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඞී.එච්. අනුෂ්ක සෙනෙවිරත්න නියෝග කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories