ඕස්ට්‍රේලියාව නාවුරු සමඟත් ගිවිසුමකට.

Monday, 05 August 2013 - 19:19

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7.

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන්  ඕස්ට්‍රේලියාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයන් නාවුරු දිවයින වෙත යැවීම සඳහා දෙරට අතර නව ගිවිසුමක් ඇති වී තිබෙනවා. නාවුරු, පැසිෆික් දිවයිනේ ජනාධිපති බාරොන් වකා සමඟ අදාළ ගිවිසුමට  ඕස්ට්‍රේලියාව වෙනුවෙන් අත්සන් තබා ඇත්තේ අගමැති කෙවින් රඞ්. මෙය නීතිවිරෝධී සංක්‍රමණිකයන් පැපුවානිව්ගිනියාව වෙත යැවීම සඳහා  ඕස්ට්‍රේලියාව ඇති කර ගත් ගිවිසුමට බෙහෙවින් සමාන වන බව එරට රජය මගින් නිකුත් කළ නිවේදනයක සඳහන්. ශ්‍රී ලාංකිකයන් ඇතුළු නීතිවිරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් කලාපීය විසඳුමක් ලබා ගැනීම සඳහා වන  ඕස්ට්‍රේලියානු සැලසුම් මෙමගින් ශක්තිමත් වන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. නාවුරු වෙත මුලින්ම යවනු ලබන්නේ පවුල් පිටින් පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන්. එමෙන්ම වැඩිහිටියන් නොමැතිව පැමිණෙන කුඩා ළමයින් ද ගිවිසුමට අනුව නාවුරු දිවයින වෙත යැවෙනු ඇති.

 

පසුගිය තුන් වසර තුළ නාවුරු දිවයිනට  ඕස්ට්‍රේලියාව විසින් ඩොලර් මිලියන 90කට වැඩි සංවර්ධන ආධාර ලබාදී ඇති අතර, ඉදිරි වසර තුළ ලබාදීමට පොරොන්දු වී ඇති ආධාර මුදල ඩොලර් මිලියන 30කට ආසන්නයි. මේ අතර, පසුගිය ජුලි 19 වන දා  නාවුරු රැදවුම් කඳවුරේ ඇතිවූ කලහය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් ඇතුළු නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසකට එරෙහිව නාවුරු නීතිය යටතේ චෝදනා ගොනු කර ඇති බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories