කච්චතිව් දූපතේ ඉන්දීය ධජය එසවීමේ සූදානමක්.

Tuesday, 06 August 2013 - 7:49

%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%96%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B6%A2%E0%B6%BA+%E0%B6%91%E0%B7%83%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

ඉන්දීය නිදහස් දිනය යෙදී ඇති ආගෝස්තු 15 වන දා කච්චතිව් දූපතේ ඉන්දීය ජාතික ධජය ඔසවන ලෙස තමිල්නාඩුවේ හින්දු මක්කල් පක්ෂය ප්‍රාන්ත රජයෙන් සහ ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කරනවා. හින්දු මක්කල් පක්ෂ සභාපති අර්ජුන් සම්පත් වාර්තාකරුවන් අමතමින් ඊයේ (05) ප්‍රකාශ කළේ කච්චතිව් දූපත ගිවිසුමක් මගින් ශ්‍රී ලංකාවට පවරනු ලැබූව ද ඉන්දීය ධීවරයන්ට එය භාවිත කිරීමේ අයිතියක් පවතින බවයි. එහෙත් ඔවුන් ඊට ඇතුළුවීමට මැලිකමක් දක්වනවා. මේ නිසා දූපතේ ඉන්දීය හිමිකම ප්‍රදර්ශනය කිරීම සඳහා එහි ජාතික ධජය ඔසවන ලෙස තමිල්නාඩු දේශපාලන පක්ෂය ඉල්ලා සිටියා. ඒ සඳහා ප්‍රාන්ත රජය හෝ මධ්‍යම රජය මැදිහත් නොවන්නේ නම් සිය පක්ෂ ක්‍රියාකාරීන් කච්චතිව් දූපතේ ඉන්දීය ධජය එසවීමට පියවර ගන්නා බව හින්දු මක්කල් පක්ෂ නායකයා ප්‍රකාශ කළා.

 
මේ අතර, නාගපට්ටිනම් සහ කරිකාලයි යන තමිල්නාඩු වෙරළාසන්න ප්‍රදේශවල ධීවර සංගම් ඊයේ (05) තීරණය කර ඇත්තේ මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් මුදා ගැනීමට මධ්‍යම රජය අපොහොසත් වන්නේ නම් විරෝධතා ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමටයි. ඒ සඳහා ඉන්දීය මධ්‍යම රජය වෙත දින දෙකක් ලබාදෙන බව ද ධීවර සංගම් ප්‍රකාශ කළා. එසේ නොවුණහොත් කලූ කොඩි එසවීමේ ව්‍යාපාරයක් දියත් කරන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories