මැඩ‍්‍රාස් කැෆේ ශ්‍රී ලංකාවේ ආයෝජනයක් නොවේ. - ජෝන් ඒබ්‍රහම්.

Tuesday, 06 August 2013 - 7:50

%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B7%86%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A.+-+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%92%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%B8%E0%B7%8A.

ශ්‍රී ලංකාවේ යුද්ධය පදනම් කර ගනිමින් තැනූ මැඩ‍්‍රාස් කැෆේ චිත්‍රපටය ශ්‍රී ලංකා රජයේ ආයෝජනයක් නොවන බව එහි ප්‍රධාන නළු ජෝන් ඒබ්‍රහම් පවසනවා. ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ ඇතැම් පාර්ශවයන් පතුරුවන කට කතාවල සත්‍යයක් නොමැති බවයි ඔහු ඊයේ (05) කියා සිටියේ. ඒ සදහා සිය නිෂ්පාදකයන් හැර වෙනත් කිසිවෙකු රහසිගත ආයෝජනයක් සිදුකර නොමැති බව සුප්‍රකට බොලිවුඞ් නළු ජෝන් ඒබ්‍රහම් අවධාරණය කළා. ඒ, චිත්‍රපටයේ පූර්ව දර්ශන රැගත් ප්‍රචාරක පටය චෙන්නායි හිදී ඊයේ ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුවයි.

 
මේ අතර, තමිල්නාඩුවේ කොටි හිතවාදීන්ගේ විරෝධය පළ වුවද ජෝන් ඒබ්‍රහම් සහ නාගීස් රගන මැඩ‍්‍රාස් කැෆේ චිත්‍රපටයේ දෙමළ බසින් හඬ කැවූ පිටපත ද අගෝස්තු 23 වන දා තමිල්නාඩුවේ තිරගත කිරීමට කටයුතු යොදා ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළා. මෙහි මුල් ප්‍රචාරක පටය විකාශය කිරීමත් සමගයි නාම් තමිලර් පක්ෂ නායක කොලිවුඞ් සිනමා අධ්‍යක්ෂ සීමාන් ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ඊට විරෝධය පළ කළේ. චිත්‍රපටය මගින් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ත්‍රස්තවාදීන් ලෙස හුවා දක්වා ඇති බව ඔවුන්ගේ තර්කයයි. එහෙත් චිත්‍රපටය මුළුමනින්ම නැරඹීමෙන් තොරව එවැනි විවේචන ඉදිරිපත් නොකරන ලෙස මැඩ‍්‍රාස් කැෆේ අධ්‍යක්ෂ සූජිත් ශීකාර් ඉල්ලීමක් කළා. මෙරට යුද්ධය පදනම් කරගෙන නිර්මාණය කර ඇති මැඩ‍්‍රාස් කැෆේ චිත්‍රපටයේ ජෝන් ඒබ්‍රහම් රඟපාන්නේ ඉන්දීය රහස් ඔත්තු සේවය රෝ හි නියෝජිතයෙකු ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories