වැලිවේරියේදී කලහකාරීන් අතරින් වෙඩි තැබීමක් - සභානායක.

Tuesday, 06 August 2013 - 19:03

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%BD%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A.

වැලිවේරිය සිද්ධියේදී ආරක්ෂක අංශ වෙතට කලහකාරී පිරිස අතරින් වෙඩි තැබීමක් සිදුව ඇති බව සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙම සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව අදහස් දක්වමින්. විපක්ෂ නායකවරයා සිය ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියා සිටියේ වැලිවේරිය සිද්ධිය සම්බන්ධයෙන් ගැටළු රැසක් පැන නැගී ඇති බවයි. ඊට සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දීර්ඝ ප්‍රකාශයක් සිදුකරමින් පිළිතුරු ලබා දුන්නා. ඒ පිළිබඳව සහ පාර්ලිමේන්තුවේ අද දිනයේ තොරතුරු ඇතුළත් මැතිසබය විශේෂාංගය.

[MP3]s64554[/MP3]

මේ අතර, අද (06) පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී වැලිවේරිය සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බව විපක්ෂය ඉල්ලා සිටියා. එහිදී ආණ්ඩුව එකඟ වී ඇත්තේ මේ මස 21 වැනිදා එම විවාදය සිදුකිරීමටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories