සාම්පූර් පැරණි ගිවිසුම පාඩුයි. - ඇමති පාඨලී.

Wednesday, 07 August 2013 - 7:50

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93.

සාම්පූර් තාප විදුලි බලාගාර ගිවිසුමේ අඩුපාඩු පවතින බව හිටපු විදුලිබල අමාත්‍ය සහ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. නිහඬ මරණයකට පාර කපන වස විෂ පිරි ආහාර නැමැති විද්වත් කථිකාවකට කොළඹ දී ඊයේ (06) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම ගිවිසුමෙන් මෙරට විදුලි පාරිභෝගිකයන්ට පාඩුවක් සිදුවන බවයි.

[MP3]s64570[/MP3]
 
සාම්පූර් තාප විදුලිබලාගාර ව්‍යාපෘතිය සඳහා මෙරට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිවී ඇතැයි ඉන්දීය මාධ්‍ය ඊයේ (06) වාර්තා කළා. ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේ ගල්අඟුරු විදුලිබලාගාරයක් ඉදිකිරීම සඳහා මූලික අනුමැතිය හිමිවූයේ මීට වසර 6කට පෙරයි. ඉන්දීය තාප විදුලිබල සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය සියයට 50 බැගින් කොටස් දරණ සාම්පූර් තාප විදුලිබල ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල ඩොලර් මිලියන 500ක්. මෙමගින් නිපදවන විදුලිය මිලදී ගැනීමට ද ඉන්දියාව සූදානම්. ඒ සඳහා ත්‍රිකුණාමලයේ සිට තමිල්නාඩුවේ මදුරෙයි දක්වා සබ්මැරීන කේබල් මාර්ගයක් ද ඉදිකිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories