පළාත් සභා අපේක්ෂකයන්ට මනාප අංක අද සිට.

Wednesday, 07 August 2013 - 7:53

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4+%E0%B6%85%E0%B6%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7.

උතුර, මධ්‍යම, වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට සිය මනාප අංක අද (07) සිට තමන්ට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබා ගත හැකියි. එම අංක මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (06) දේශපාලන පක්ෂ වෙත ලබාදුන්නා. ඒ, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර ඊයේ (06) පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි. මෙම සාකච්ඡාවේදී ජන්ද විමසීම සිදුකිරීමේදී බලාත්මක නීති සම්බන්ධයෙන් කොමසාරිස්වරයා පක්ෂ නියෝජිතයන් දැනුවත් කළා.

 
මැතිවරණ සමය තුළ රාජ්‍ය ආයතනවල වාහන සහ දේපළ භාවිතය සම්බන්ධයෙන් සොයා බැලීමට අතිරේක ලේකම්වරයෙකු පත් කරන ලෙස ද මැතිවරණ කොමසාරිස්වරයා ඊයේ (06) උපදෙස් ලබා දුන්නා. ඒ, රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවේදියි. අදාළ අතිරේක ලේකම්වරයා විසින් එම ආයතන තුළ පවතින වාහන සහ දේපළ පිළිබද තොරතුරු යාවත්කාලීන කළ යුතුයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories