මැදපෙරදිගදී හිංසාවට ලක්වූ තවත් දෙදෙනෙකු මාතලේ රෝහලේ.

Wednesday, 07 August 2013 - 12:50

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.

මැදපෙරදිග ගෘහසේවයට ගොස් වද හිංසනයට ලක්ව දිවයිනට පැමිණි මාතලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු මේ වනවිට මාතලේ රෝහලේ 16 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. රෝහල්ගතව සිටින එක් කාන්තාවක් මාතලේ - කයිකාවල ප්‍රදේශයේ පදිංචි විමලාවතී ඒකනායකයි. ඇය 2007 වසරේ ගෘහසේවය සඳහා ඩුබායි වෙත ගොස් ඇති අතර එහිදී සේවය කළ ස්ථානයේ සිදුවූ කරදර හිරිහැර හේතුවෙන් මීට සතියකට පමණ පෙර දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් අනතුරුවයි ඇය පහරදීම් හේතුවෙන් සිදුවූ තුවාල නිසා ප්‍රතිකාර සඳහා මාතලේ රෝහල වෙත ඇතුළත් වී ඇත්තේ. රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතරතුර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ විමලාවතී ඒකනායක.

[MP3]s64588_1[/MP3]

මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබන අනෙක් කාන්තාව වන්නේ මාතලේ - මඬවලඋල්පත ප්‍රදේශයේ පදිංචි වසන්ති පියතිස්සයි. ඇය 2006 වසරේ ගෘහසේවය සඳහා කුවේට් රාජ්‍යය වෙත ගොස් තිබුණා. ඇය ද එහිදී සිදුවූ හිරිහැර හේතුවෙන් මීට සතියකට පමණ පෙර දිවයිනට පැමිණ ප්‍රතිකාර සඳහා මාතලේ රෝහල වෙත ඇතුළත්ව තිබෙනවා. රෝහල්ගතව සිටින වසන්ති පියතිස්සගේ තත්ත්වය පිළිබඳ ඇගේ සැමියා හිරු ප්‍රවෘත්ති අංශය වෙත මෙලෙස අදහස් පළ කළා.

[MP3]s64588_2[/MP3]

වඳ හිංසනයට ලක්වීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කළ ද නිසි ප්‍රතිචාරයක් නොලැබූ බවට ඔවුන් චෝදනාවක් ද එල්ල කළා. මෙම චෝදනාවන් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණියගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ විදේශ රටක සේවයට ගොස් කරදර හිරිහැරවලට ලක්වන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව ක්ෂණික ක්‍රියාත්මකවීමට සිය කාර්යාංශය බැඳී සිටින බවයි.
 
[MP3]s64588_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories