හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ සත්ව බිලි පූජාව අත්හිටුවයි.

Wednesday, 07 August 2013 - 18:58

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

සමාජයේ දැඩි කතාබහට ලක් වූ හලාවත මුන්නේෂ්වරම් ශ්‍රී භද්‍රකාලී කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන සත්ත්ව බිලි පූජාව මෙවරද තාවකාලිකව අත්හිටුවීමට එම කෝවිලේ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. පසුගිය වසරේදී ද මෙම සත්ත්ව බිලි පූජාව නොපැවැත්වුණු අතර, මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතිනවා. එය නැවත සලකා බැලීමට නියමිතව ඇත්තේ ලබන 27 වැනිදායි. මෙවර සත්ත්ව බිලි පූජාව ලබන 21 වැනිදා පැවැත්වීමටයි සැලසුම් කර තිබූ අතර, ඊයේ (06) පැමිණි පුත්තලම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කළ දැනුම්දීමකට අනුව එය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි ශ්‍රී භද්‍රකාලී කෝවිලේ සහාය පූජකවරයෙකු වන කේ.ශිවකුමාරන් ප්‍රකාශ කළේ.

 

[MP3]s64611[/MP3]                                                               

 
පසුගිය වසරේ මෙම සත්ව බිලි පූජාව පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේදී භික්ෂු සංවිධාන මෙන්ම සත්ව අවිහිංසාවාදී සංවිධාන ඊට දැඩි විරෝධය පළ කළා. ඒ, කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා එම කාලවකවානුවේදී මෙරට ප්‍රදර්ශනය කිරීම හේතුවෙන්. පසුව ජනාධිපතිවරයාටද ඊට මැදිහත්වීමට සිදුවූ අතර ඔහු කළ දැනුම්දීමකින් පසුවයි මුන්නේෂ්වරම් ශ්‍රී භද්‍රකාලී කෝවිලේ පාලනාධිකාරිය එම වසරේදී සත්ව බිලි පූජාව අත්හිටුවීමට තීරණය කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories