වාස් ගුණවර්ධනගේ පුතාට පැය 72 ක රැඳවුම් නියෝග.

Wednesday, 07 August 2013 - 19:03

%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+72+%E0%B6%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C.

කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද රහස් පොලීසියට අවසර ලබාදුන්නා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් හමුවේ රහස් පොලීසිය කළ කරුණු දැක්වීමකින් පසුවයි ඔහු මෙම නියෝගය නිකුත් කළේ. රවිඳු ගුණවර්ධන සමග ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයාද අද (07) අළුයම අත්අඩංගුවට ගැනුනේ බොරලැස්ගමුව - පැපිලියාන - මයුර මාවතේ අංක 62 දරණ නිවසේ සිටියදියි. එම නිවසේ හිමිකරු කවුදැයි හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසීමක් කළත් එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙතෙක් ඒ පිළිබඳ තොරතුරු ලැබී නොමැති බවයි.

 
මොහොමඞ් සියාම්ගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන රවිඳු ගුණවර්ධන අත්අඩංගුවට ගන්නා බව රහස් පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මීට පෙර දැනුම් දී තිබුණා. පසුව අධිකරණය ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළේ සැකකරුට රටින් පිටව යාමට ඉඩ ලබා නොදෙන ලෙසයි. රවිඳු ගුණවර්ධන මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක සිසුවා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවෙකුද වනවා. ඔහු මෙම සිද්ධියට අදාළව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා පසුගිය ජූලි 11 වැනිදා ඔහුට වරෙන්තු නිකුත් කළා. 2009 වසරේ අගෝස්තු මස සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳටද චෝදනා එල්ලවී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories