සිසු ගැටුමකින් 4 කට තුවාල.

Wednesday, 07 August 2013 - 19:24

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.

පදවිය මහසෙන් මහා විද්‍යාලයේ සම්මන්ත්‍රණයකට සහභාගි වූ සිසුන් දෙපිරිසක් අතර අද ඇතිවූ ගැටුමකින් සිසුන්  හතරදෙනෙකු තුවාල ලබා පදවිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.  උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා සංවිධානය කළ සම්මන්ත්‍රණයකට සහභාගි වූ සිසුන් දෙපිරිසක් අතරයි මෙම ගැටුම හටගෙන ඇත්තේ. මහසෙන් මහා විද්‍යාලයේ සිසුන්ට අමතරව, පදවිය බුද්ධංගල මහා විද්‍යාලයේ සහ පරාක්‍රමපුර මහා විද්‍යාලයේ සිසුන් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වීමට පැමිණ සිටියා. එහිදී සිසුන්ට වාඩි වීම සඳහා ආසන ප්‍රමාණවත් නොවීම නිසා ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ගැටුම හට ගෙන තිබෙනවා. පහරකෑමට ලක් වූ සිසුන් 4 දෙනාගෙන් 3 දෙනෙකු බුද්ධංගල මහා විද්‍යාලයේ වන අතර, අනෙක් සිසුවා පදවිය මහසෙන් මහා විද්‍යාලයේ සිසුවෙකු බවයි පදවිය පොලිසිය සඳහන් කළේ.

 

පහරකෑමට ලක්වූ සිසුන්ගේ දෙමාපියන් ප්‍රකාශ කළේ පොලූ මුගුරු උපයෝගී කරගනිමින් තම දරුවන්ට මෙම පහරදීම සිදුකර ඇති බවයි.

 
[MP3]s64620[/MP3]

 

සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පදවිය පොලිසියෙන් ද විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories