මුහුදේ පිහිටි තෙල් නලයක් පුපුරයි.

Thursday, 08 August 2013 - 18:42

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට ඉන්ධන ප්‍රවාහනය කරන මුහුදේ පිහිටි නලයක පිපිරීමක් සිදුව තිබෙනවා. අද (08) අලූයම මෙම පිපිරීම සිදුව ඇත්තේ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 35000ක් රැගෙන පැමිණි නෞකාව මුතුරාජවෙල ආසන්න මුහුදේ සිට තෙල් ගබඩා සංකීර්ණයට ඉන්ධන ගොඩබාමින් සිටියදියි. මේ දිනවල මුහුදේ පවතින රළු ස්වභාවය නිසා මෙම පිපිරීම සිදුව ඇති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ. කෙසේ නමුත් පිපිරීම සිදුවීමත් සමගම එයින් තෙල් කාන්දුවීම වැළැක්වීමට පියවර ගෙන තිබෙනවා. නලයේ පිපිරීම සිදුවූ ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික බන්දුල සමන් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

 
[MP3]s64684[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories